(ජේ.ඒ.එල්.ජයසිංහ)
මැණික්හින්න රෝහලට රෝගියකු, ඔහුගේ ඥාතීන් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශවයේම හය දෙනකු අත්අඩංගුවට ගත්බව මැණික්හින්න පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර රෝහල් කනිෂ්ඨ සේවකයන් තිදෙනකු සහ රෝගියා රැගෙන ආ පාර්ශවයේ තිදෙනකු ද වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම රෝහල් ගතව සිටියදීම අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීම නිසා ඇති වූ අසාත්මිකතාවයකට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසක් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එය ගැටුමක් බවට පරිවර්තනය විය.
ගැටුමට මැදි වූ දෙපිරිසේම නව දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළේය. මෙම ගැටුමින් රෝහල් උපකරණවලට වාහන කීපයකට හානි සිදු විය.

