(රංජන් කස්තුරි)
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වී තීන්දුවක් ගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟද සාකච්ඡා කර නව ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන බවද කොමිසම කියයි
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ ද මේ දක්වා තීන්දුවක් ගෙන නැතැයි වාර්තා වේ.
මැතිවණ කොමිසමේ සාමාජිකයන් අද පෙරවරුවේ සිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
එහිදී තීරණය වී ඇත්තේ ලබන අඟහරුවාදා කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි

