( එම් .සුසිල් ප්‍රියන්ත )
මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි .
නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිද ඇති බව අනාවරණයවූ බවද පොලීසිය කියයි .
බොහෝ වේලාවට ඇදිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්‍රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැකකරයි .
නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවුවද එහි තිබී රැගෙන ගියේ මොනවාදැයි තවමත් අනාවරනය වී නොමැත.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මේ නිවස අම්බලන්ගොඩ --බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය කියයි .
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

