මාළු කිලෝ 1000 ක් මුහුදේදී කොල්ලකති


(තරංග ගුණරත්න)

වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.

පැලෑන මුහුදු තීරයේ සිට සැතපුම් 5-6 ක් පමණ දුරින් නෙළාගන්නා ලද මත්ස්‍ය අස්වැන්න යාත්‍රා දෙකකින් පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මාළු අස්වැන්න පැහැරගෙන ගොස් ඇත්තේ බද්දේවත්ත ධීවර තොටුපොළෙන් ධීවර කටයුතු සදහා පිටත්වූ ‘ලකීෂාෆ්‘ නැමැති ධීවර යාත්‍රාෙව් මත්ස්‍ය අස්වැන්න බව පොලිසිය පැවැසුවේය. 

මිරිස්ස ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 25 කත් 35 ත් අතර පසුවන්නන් පිරිසක් බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ිෂණ මෙහෙයවයි.