මාළිගාවත්ත දුම්රිය අංගනයේ පීල්ලක් කැඩෙයි


(යොහාන් භාසුර)

මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය පීල්ලක්  කැඩීයාම හේතුවෙන් අද (28) පස්වරුවේ ධාවනය වන දුම්රියන් ප්‍රමාද විට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

කැඩී ගිය පීල්ල හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් සිටින බවද සඳහන් නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය.