මාස හයට පොලිස් නිලදරුවන් 300 කගේ වැඩ තහනම්




(සුජිත් හේවාජුලිගේ)

පොලිස් නිලධාරින් තුන් සියයක් මේ වසරේ පසුගිය මාස හයක කාලයේදී  වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන්  මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.

නීති විරෝධී කටයුතුවල යෙදෙන සෑම නිලධාරියකුටම තරාතිරම නොතකා  රජය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.