මාස අටේ දියණිය සමඟ කෝච්චියට පනිනන ගිය දෙදරු මව බේරා ගැනෙති


  (එම්.සුසිල් ප්‍රියන්ත)

අනියම් සැමියා බව කියන පුද්ගලයකුට කප්පම් මුදල් දීමට නොහැකිව මාස අටේ දියණිය සමඟ අහුන්ගල්ලේදී  දුම්රියට පැනීමට ගිය දෙදරු මවක් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුන්ගල්ල උප කදවුරේ නිලධාරීහු සමත්වූහ.

මෙසේ බේරාගෙන ඇත්තේ අහුන්ගල්ල පදේශයේ පදිංචි තිස් හැවිරිදි දෙදරු මවකි.

සැමියා විදෙස්ගතව සිටින මේ කාන්තාව යම් අයකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ගොස් ඇතැයිද ඔහුගේ  ජංගම දුරකතනයෙ පවතින වීඩියෝ සැමියාට යවන බව පවසා ඇයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇතැයිද පොලීසිය කියයි.

මේ වනවිට ඔහු ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ අරගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

රුපියල් හැටදහසක් ඉල්ලා ඇති බවත් එය දීගැනීමට නොහැකි හෙයින් මාස අටේ දරුවා සමග අහුන්ගල්ලේදී දුම්රියට පනින්නට ගිය  අවස්ථාවේදී ඒ ආසන්නයේ මාර්ග සංචාරයේ යෙදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුන්ගල්ල උප කදවුරේ නිලධාරීන්ට සැලවී ඇය එයින් බේරා ගෙන අහුන්ගල්ල පොලීසියට භාරදී තිබේ.