
(ගයාන් සූරියආරච්චි)
පොලිස් නිලධාරීන් 10 ක්, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් 5 ක් සහ සිවිල් පුද්ගලයන් 6 දෙනකු ඇතුළු සැකකරුවන් 34 දෙනකු පසුගිය මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 5 දෙනකු සිටින බවද එම කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය, මහවැලි අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතන 14 ක සැකකරුවන් සිටින බවද පැවැසේ.

