මාවිල් ආරු සොරොව්ව ආසන්නයෙන් යුද උපකරණ මතුවෙයි


(අමදෝරු අමරජීව  )

සේරැනුවර පොලිස් වසමට අයත් මාවිල් ආරැ සොරොව්වට ආසන්නයේ වලදමා තිබු පරණ යුද උපකරණ කිහිපයක්  සොයා ගැනිමට පොලිස් විශේෂ  කාර්ය බලකාය සමත් වුහ .

 යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සොයාගත් මෙම යුද උපකරණ අතර ටි-56 ජීව උණ්ඩ 22 ක් , ටි-56 මැගසින් දෙකක්, ජීව අත් බෝම්බ දෙකක් හා ටි-56 ගිණි අවියක කොටසක් මෙලෙස සොයාගෙන තිබේ.

සොයාගත් යුද උපකරණ වැඩිදුර පරික්ෂණ සදහා සේරැනුවර පොලිසියට භාරදි තිබේ.