මාලිමාවත් ගොවියා මංමුලා කළා


(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල  සිට ගොවියාට හොද මිලක් ලැබෙන බවට පැවසුවත් එලෙස  ගොවියාට සාධාරණ මිලක් නොමැති බව විපක්ෂ නායකවරයා කීය .

සජිත් ප්‍රේමදාස මහතා මේ කීවේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

අලි මිනිස් ගැටුම වන සත්ව හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් හෝ දේපල, ජීවිත හානි සඳහා වන්දි නොලැබෙන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වී ගොවීන් අස්වැන්න ගත් පසු ඒවාට සහතික මිලක් නොමැති බවත්  තෙත වී රුපියල් 95කට අලෙවි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රුපියල් 150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා යැයි  කිව්වත් අද ඒ කතා අමතක වී ඇතැයි කී විපක්ෂ නායකවරයා  මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම් බව සඳහන් කළේය.