මාලිමා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් ජන රැළියක්


(දිනේෂ් සමරකෝන්)

‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබන 21 වැනිදා නුගේගොඩදී ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහි ජන රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම රැළියට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂ වල නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇත.

එම පක්ෂ වල හිටපු මැති ඇමතිවරුන් ඒ සඳහා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(27) කොළඹ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ඡායා ජයමාල් චන්ද්‍රසිරි