(සුජිත් හේවාජුලිගේ )
මාලනි ෆොන්සේකා මහත්මිය අභාවයට පත්වීමෙන් සිනමා ක්ෂේත්‍රයේ ඇති වූ හිස්තැන පිරවීමට තවත් කිසිවකුටත් හැකිවේ යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඇය ඒ තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කෙරුණු ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.