
(අංජුල මහික වීරරත්න)
කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පශ්චාත් උපාධි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නැංවීමත්, මාල දිවයිනෙහි වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් සඳහා මෙරට පුහුණුව ලබා දීමත් අරමුණු කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
එමෙන්ම, සෞඛ්‍ය වෘත්තික පුහුණු වැඩසටහන් වලට අතිරේකව දෙපාර්ශ්වය අතර වෙනම ඇති කර ගනු ලබන එකඟතා ගිවිසුමකට අනුව, මාල දිවයින සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් කෙටිකාලීනව හෝ දිගු කාලීනව බඳවා ගැනීමට මෙරට වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි සහාය ලබා දීමට ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම කොළඹ විශ්ව විද්‍යාලය සහ මාල දිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

