(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(30)පැවැත්විණි.දිනෙන් දින රිය අනතුරු නිසා සිදු වන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යාම සලකා බලා රජයේ මෙම පියවර ගෙන ඇත.
අනතුරු වලක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ මාර්ග භාවිතයේදී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජීය හා ආචාධර්ම අංශ නියෝජනය කරන නිලධාරීහුද, ජාතික රෝහලේ අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා) වෛද්‍ය ඉන්දික ජාගොඩ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිව කුමාර් සහ මහාචාර්ය එච්.ආර්. පසිදු යන මහත්වරු සහ නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) සහ තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.