මාදුරුඔයට දඩයමේ ගිය තුනක් අල්ලයි


(ක.ග.කරුණාරත්න )

වන සතුන් දඩයම් කිරීම සඳහා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුලුවූ පුද්ගලයන් තිදෙනකු මෙරට සාදන ලද වෙඩි බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ අද අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ කොට්ටබොක්ක ප්‍රදේශයේදී මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය,කැකුලුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී නීති විරෝධී ගිනි අවි දෙකට අමතරව වෙඩි බෙහෙත්,ඊයම් බෝල,ගිනි පෙට්ටි,පිහියක්,අත් පොරොවක්,විදුලි පන්දම් 04ක් වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ආදිය ද අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීහු පැවැසූහ.