මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන  පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවරය කාර්මිකයකු හා රියදුරේකු ලෙස සේවය කරන  අයකු බව කියයි.

පල්ලිවාසල්පාඩුව සමාගම් දැල නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටර් වලට සවිකර ඇති වින්ච් නැමති ආධාරක උපයෝගි කර ගනිමින් මාදැල ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය උඩකුරුව පෙරළි රියදුරු හා සහයකයා එයට යටවි සිටි බව කියයි.

කෙසේ වෙතත් කඩිනමින් එම ස්ථානයෙ තිබු තවත් ට්‍රැක්ටරයක් හා මාදැල ඇදිමට සිටි අනිත් ධීවරයින් සමග එක්වි ට්‍රැක්ටරය උස්සා මෙම දෙදෙනා ඉවත් කර කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් ට්‍රැක්ටරයෙ රියදුරා මරණයට පත්ව සිටි කොත්තන්තිව් රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

මාදැල් ඇදිම සදහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති වින්ච් නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛාවා අඩු කිරීමට මෙලෙස වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ භාවිතා කිරිම බහුල වී තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවිමේන් මරණයට පත්වු අය විවාහකයකු බවත් ඔහු දෙදරු පියකු බවද කියයි.