මාතලේ හිටපු නගරාධිපතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි


( රවින්ද්‍ර විරාජ් අබයසිරි)

සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් රැගෙනගොස් ඇති  ඔහුගේ  නිල කැබ් රිය , තවත් කාර් රියක් ඇතුළු කාර්යාල උපකරණ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නිතිමය පියවර ගන්නා බවත් නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි මහතා පැවසීය.

 හිටපු නගරාධිපතිවරයා විසින් විවිධ දුෂණ හා අක්‍රමිකතා සිදු කර ඇති බවට උපනගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට සිදු කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් නගරාධිපතිවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මහනගර සභා ආත්ඥාපනතේ (252) අදිකාරය 277(1)වගන්තියේ සදහන් වැරදි නගරාධිපතිවරයා විසින් සිදු කර ඇත්තේද යන්න පිළිබද විශ්‍රාමලත් අධිකරණ නිළධාරීනි සරෝජනී කුසලා වීරවර්ධන මහත්ම විසින් පරික්ෂා කර ඒ පිළිබද වාර්තාවක් මාස තුනක් ඇතුළත ලබා ගැනිමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.
 
 සේවය තාවකාලිකව අත්හිටුවා ඇති මාතලේ හිටපු නගරාධිපති  ඩල්ජිත් අලුවිහාරේ මහතාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේය.
 
මම පසුගිය (28) හා (29)  යන දිනයන්හි වාහන දෙක හා කාර්යාල උපකරණ  මාතලේ නාගරික පරිපාල නිළධාරී හරහා භාර දිමට උත්සහ කළත් මේ වන තුරු එම භාණ්ඩ බා ගැනිමට කිසිම නිළධාරියෙක් කටයුතු නොකළ බැවින් නාගරික මධ්‍යම පළාත් ආණ්කාඩුරවරයාට මාතලේ නාගරික කොමසාරිස්වරයාට හා මාතලේ පොලිසිය වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව පැවසීය.