මාතර හිරගෙදර ‘උණ’ සමනය වන ලකුණු


(යොහාන් භාසුර)

උණ රෝගී තත්වයක් හේතුවෙන් කටයුතු සීමාකර ඇති මාතර බන්ධනාගාරය සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවත් පසුගිය පැය 48 කාලය තුළ උණ රෝගීන් වාර්තා නොවූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි දිසානායක මහතා පැවසීය.
උණ රෝගීන් වාර්තා වීමත් සමඟ එළඹි දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පාලනය වෙමින් තිබෙන බව කී ඒ මහතා එසේ වුවද තව දුරටත් දැඩි සෞඛ්‍ය පිළිවෙත් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කීය.
මෙම උණ රෝගයෙන් එම බන්ධනාගාරයේ රැඳවියෙක් මරණයට පත් වූ බවත් තවත් රැඳවියන් 17 ක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.