(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාතර වැලිගම චාලිමවුන්ට් වතුයායේ නව ආයෝජන කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
යෝජිත කර්මාන්ත කලාපය මගින් සෘජු සහ වක්‍ර රැකියා 20,000 ක් බිහිකිරීමට අපේක්ෂිත බවත් අක්කර 317 ක ප්‍රමාණයක් පුරා ඉදිකිරීමට යෝජිත මෙම කර්මාන්ත පුරයෙන් අක්කර 100 ක පමණ භූමියක් දේශීය අපනයන ඔසු නිශ්පාදනයට ද අක්කර 50 ක් ගුදම් පහසුකම්, බහලුම් අංගන සහ බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධනය සදහා යෙදවීමට යෝජිතය බව කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා මෙම සාකච්ඡාවෙිදී සඳහන් කළේය. ඉතිරි භූමි ප්‍රමාණය විවිධ කර්මාන්ත ශාලා ගොඩනැගීමට නියමිත බවද කතානායකවරයා සඳහන් කළේය.

