මාතර ගම් රැසක් යට වෙයි:පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවිම්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී තිබේ.

විශේෂයෙන්මඅකුරැස්ස,පිටබැද්දර,දෙයියන්දර,මාකදුර,කඹුරුපිටිය,පලොල්පිටිය,කිරින්ද ,යටියන ආදී ප්‍රදේශ වල ගංවතුර තත්වය හට ගෙන ඇත.

නිල්වලා ගගේ ඉහළ කොටසට මහ ගංවතුර මට්ටම ඉක්මවා වර්ෂාපතනය ලැබී ඇති නිසා පහත්බිම් වල ජනතාව අවධානයෙන් පසු වන ලෙසට මාතර මහ දිසාපති ගනේෂ අමරසිංහ මහතා එම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.