
(ජේ.ඒ.එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
නායයාම් ගල් පර්වත පෙරළීම් හේතුවෙන් අවහිර වූ මහනුවර - මහියංගන 18 වංගු මාර්ගයේ සියලු බාධා ඉවත් කර රථ වාහන ධාවනය සඳහා විවෘත කළ බව ප්‍රවාහණ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
තවත් කොටස් කීපයක මාර්ග අවහිරතා ක්‍රම ක්‍රමයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සහ හමුදාවේ සහාය මත ඉවත් කිරීමේ කටයුතු සිදු කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙහිදී පැවසීය.
දැනට මහියංගන නුවර 18 වංගු මාර්ගයේ මගී ප්‍රවාහණ බස් රථ සහ අනෙකුත් වාහනද එම මාර්ගයේ ධාවනය කෙරෙයි.

