මහින්දානන්ද - හරීන් විවාදය අද රතු ඉරේ


පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහාන්දානන්ද අලුත්ගමගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වන  ආන්දෝලනාත්මක  දේශපාලන සංවාදය ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ අද රාත්‍රී 10.00 සිට විකාශනය කෙරේ.

පාස්කු දා ප්‍රහාරය පිළිබඳ ඇත්ත කතාව රටට හෙළි කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  මහතා ආණ්ඩුවට කළ අභියෝගය බර ගනිමින් ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ එම විවාදය පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයේ ද එකඟතාව මත තීරණය කර ඇත.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරන මනුෂ නානායක්කර මහත්වරුද මෙම විවාදයට සහභාගී වෙති.