මහින්දට රැකවරණය දෙන්න ත්‍රි,මලයට ලොකු ආරක්ෂාවක්


(සුජිත් හේවාජුලිගේ )

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින්  පමණ  වැඩි කර ඇතැයි පොලිසිය පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා  ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව ප්‍රදේශයේ  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ යටතේ නගරය පුරා  යුද  හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ  ඇත.