මහින්ද සිවු දින නිල සංචාරයකට හෙට ඉතාලියට


(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිවුදින නිල සංචාරයක් සඳහා හෙට (10) පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව යයි .

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී සඳහා අගමැතිවරයා ඉතාලියේ සංචාරය කරන අතර, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ද ඊට සහභාගී වෙයි.

යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි .

අගමැතිවරයා මෙම සංචාරයේදී ඉතාලි අගමැතිවරයා ඇතුළු නායකයින් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතය .

මෙම සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමුළුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.