(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානි විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් බීස්ලි මහතා අතර හමුවක් වොෂින්ටනයේදී පැවැත්විණ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි ඩේවිඩ් බීස්ලි මහතා සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳ තානාපති මහින්ද සමරසිංහ මහතා ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මහතා දැනුවත් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේදී පැන නගින ගැටළුවලදී ලෝක ආහාර වැඩසටහන සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමීපව වැඩ කිරීමට සුදානම් බව මහින්ද සමරසිංහ මහතා අවධාරණය කළේය.
එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳ සුභ පැතුම් එක් කළ ඩේවිඩ් බීස්ලි මහතා එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී වික්‍රමසිංහ මහතා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.