මහින්ද මෙවරත් කුරුණෑගලින් සටනට එන හැඩ



 
නාලක සංජීව දහනායක 
 
අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙවර මහා මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආරාධනා ලැබුණද නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
 
මහින්ද රාජපක්‍ෂ මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජන්ය කරමිනි.    

2015 වසරේ පැවැති මහාමැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.