මහාචාර්ය නීලිකා මලවිගේගෙන් පණිවුඩයක්


(සුජිත් හේවාජුලිගේ )

කුමන  කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම  දැනට මෙරටේ භාවිතා කෙරෙන  සියලුම එන්නත්වලින්  පැහැදිලිවම වළක්වන්නේ යැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.

මේ තත්ත්වය නිසා ඉහළ ප්‍රමුඛත්වය දක්වා කොරෝනා මර්දන  එන්නත වහා ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය .

" රටේ තියෙන්නෙ ඇල්ෆාද බීටා ද ගැමාද  ඩෙල්ටාද  කියන මොන සැර ප්‍රභේදය වුණත් ප්‍රශ්නයක් නැහැ .ඒ සියලුම ආසාදනයන්ගෙන් සිදුවන මරණ දැනට තියන එන්නත්වලින් වළක්වනවා" යැයිද
මලවිගේ මහත්මිය  පැවසුවාය .

එන්නත ලබා ගැනීම මග නොහරින ලෙසද මහාචාර්යවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය .