
(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.
කලක් රෝගී තත්වයකින් පීඩා විඳි පුරසිංහ මහතා මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු එක්දරු පියෙකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.
අසනීප තත්වයෙන් පසුවුවත් විශ්ව විද්‍යාල රාජකාරීවලට මුල් තැන දී කටයුතු කළ ඔහු ඊයේ (5) දිනයේ ද විශ්ව විද්‍යාලයට පැමිණ එහි කටයුතුවල නිරත වී ඇත.
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබාගත්තේය.
දේශපාලනය පිළිබඳ විද්වතකු වූ පුරසිංහ මහතා ‘දිනපතා ලංකාදීප’ පුවත්වත ඇතුළු විවිධ පුවත්පත් සඳහා දේශපාලන ලිපි වෙනුවෙන් සම්පත් දායකයකු ලෙස කටයුතු කළ අතර ඇතැම් පුවත්පල්වලට තමා විසින්ම ලිපි සම්පාදනය කළේය.
ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.

