මහාචාර්ය උදිත් කේ.ජයසිංහ යළි වයඹ සරසවියට


(ඩයනා උදයංගනී)

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්.කේ. ජයසිංහ මහතා යළි පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  අද (29) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජයසිංහ මහතාට භාරදෙනු ලැබීය.

උදිත් කේ. ජයසිංහ මහතා මීට පෙර 2020 වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජූනි මස දක්වා එම ධූරයේ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

පසුව ඔහු එම ලේකම් ‍ධූරයෙන් ඉවත් කෙරිණි.