(යොහාන් භාසුර)
එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් ප්රචාරය කරමින් මහජනයා නොසන්කිරීමේ චෝදනාවට පුද්ගලයන් සිවුදෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ ත්රස්ත විමර්ෂණ ඒකකයේ යාපනය ඒකකය අද (1) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. ත්රස්වාදීන් සහ ජනතාව සිහිකරමින් උතුරු පළාතේ පැවැති උත්සව මෙම පුද්ගලයන් ප්රචාරය කර ඇති බව පොලිසිය කීය.
මරදාන ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි, බද්දේගම ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි, බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ යාපනය චුන්නාකම් ප්රදේශයේ පදිංචි 35 හැවිදිරි පුද්ගලයන් හතරක් මෙහිදී අත්අඩංගුවට ගත් බවත් ශ්රී ලංකාවේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් ඔස්සේ ප්රචාරය කිරීම ඔවුන්ට එල්ල වී ඇති ප්රධාන චෝදනාව බව පොලිසිය පවසයි.
බොරලැස්ගමුව, මරදාන සහ බද්දේගම ප්රදේශවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගරගත කර ඇති බවත් චුන්නාකම්හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා යාපනය අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.