මහනුවරින් කොළඹට දුම්රියෙන් ආ මගීන්ට හෙට සිට විශේෂ බස්


(සුජිත් හේවාජුලිගේ)

මහනුවර සිට කොළඹට   දුම්රියෙන් පැමිණී  මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යොදවන  බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව  එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.