මහනුවර මරණ 240 දක්වා ඉහළට


(මොහොමඩ් ආසික්)  

 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් අද  (11)   වන විට ආපදා මරණ  240  ක් දක්වා ඉහළ ගොස් ඇති  බවත්,   අතුරුදහන් වීම් 75  ක් ලෙස  වාර්තා වී ඇති බවත්   ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික්   නියෝජ්‍ය  අධ්‍යක්ෂ  ඉන්දික රණවීර මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (11) වනදා දක්වා   මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 54,988    කට අයත් පුද්ගලයින්   1,89,265  ක් පීඩාවට පත්ව ඇති බවයි.

මෙම පවල් අතරින්  පවුල් 20,155   ක පුද්ගලයින් 70,282   ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන්  පවුල්  6,097  ක පුද්ගලයින් 21,456   දෙනෙකු  ආරක්ෂිත  ස්ථාන 261   ක රඳවා ඇති  බවත්  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය. තවත් පවුල් 12,974  ක පුද්ගලයින්  45,732  ක පිරිසක්  ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.   

මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2263   ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස   14,735  කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය.

 ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල  සහායෙන් සිදු කරන බවත්  රණවීර මහතා තව දුරටත් කීය.