මහනුවර පවුල් තිස් දාහකට විසිපන්දාහේ දීමනාව ලැබී නෑ




(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )

රුපියල් විසිපන්දහසේ සහනාධාර මුදල ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල්  21431කට පමණක් බව  සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ  චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් තිස් දහසකට එම මුදල ලැබී නැති බව ඇය සඳහන් කළාය. ඒ ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බව කී කිරිඇල්ල මහත්මිය  කාලගුණ ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51596 ආපදාවට ලක් වූ  බවද ප්‍රකාශ කළේය.

එම පවුල්වලට  සහනාධාර මුදල  කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නැයි ඇය රජයෙන්  ඉල්ලීමක් කළාය.