(රංජන් කස්තුරි)
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන kandy.dist.gov.lk නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ.
මෙම වෙබ් අඩවියේ මේ වන විට පළ වී ඇත්තේ 2018- 2021- 2022 වැනි වසරවල සිදුවීම් හා තොරතුරු බව ද මෙම වෙබ් අඩවිය බොහෝ කාලයකින් යාවත්කාලීන කර නැතැයි ද මහනුවර ජනතාව චෝදනා කරති.
මහනුවර වැනි රටේ වැදගත් පරිපාලන දිස්ත්‍රික්කයක වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන විය යුතු වුවත් එසේ නොකිරීම නිසා රටේ ජනතාවට ඉන් ලබාගත හැකි සේවය අඩපණ වී ගොස් ඇතැයි ද එම ජනතාව පෙන්වා දෙති.

