(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කරදිය නාරු ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරික්ෂා කර එහි සැලසුම අනුමත නොකර ඉඳිකිරීම වරදක් බවට පවසා ඒ සඳහා නීති මඟින් කටයුතු කළහොත් රුපියල් 50000/= ක දඩයක් නියම වන බවට දන්වා එය සිදු නොකර ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් 12000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
ඒ සඳහා පැමිණිලිකාරිය ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කරදීමට එකී මුදල ඉල්ලා එම මුදලින් රුපියල් 5000/= ක් මුලින් ලබාගෙන ඉතිරි මුදලින් රුපියල් 6000/= ක් පමණක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කරදිය නාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිසකවරයකු ලෙස සේවය කරන සැකකරු පැමිණිලිකාරියගේ නිවසේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.