(සුජිත් හේවාජුලිගේ )
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ හෙට පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මේ දැනුම් දීම කරනු ලැබ ඇත්තේ කොමිසමේ ලේකම් එම් ඒ බී දයා සෙනරත් මහතා විසිනි.
පසුගිය කාලයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ නිලධාරීන්ට සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම සහන සැලසීමේ ප්‍රමාදය පිළිබඳව කරුණු විමසීම සඳහා එම දෙදෙනා කොමිසමට මෙසේ කැඳවා ඇතැයි දැනගන්නට ඇත.

