
(ඉන්දිකා රාමනායක)
මහජනයා එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී මුහුණ දෙන ගැටළු විසදා ගැනීමය අවශ්‍ය සහය ලබා දීමට රජයේ ක්ෂණික අවදානය යොමු විය යුතු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දක්වා සිටියි.
දිනෙන් දින වැඩිවන ආහාර , ගෑස්, තෙල්, වැනි පාරිභෝගික භාණ්ඩ සාධාණය මිළක් සහ හිඟයකින් තොරව පහසුවෙන් මහජනයට ලබා දීම තුළින් දැනට පවත්නා උද්ඝෝෂණ ව්‍යාප්තවීම වළක්වා ගත හැකි බවද මානව හිමිකම් කොමිසමේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
රටවැසියන් කුසගින්නෙන් තොරව සීටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීම බවද එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රි ලංකා රජය ආර්ථික, සමාජීය, සහ සංස්තෘතික අයිතිවාසකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර ඇති බවත්, එම සම්මුතියට අනුව අහාර, සෞඛය , අධ්‍යාපනය ඇතුලු මූලික අවශ්‍ය සේවාවන් , පවතින සම්පත් වලින් උපරිමයෙන් සැපයීමට රජය බැදී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

