මහඔය පොහොර මිටි 115ක් පිට පාරේ ගිහින්


(සදරු බණ්ඩාර)

ගොවින්ට බෙදා දීම සඳහා මහඔය ගොවිජන මධ්‍යස්ථානයට ලබා දුන් යූරියා පොහොර මිටි 115ක් ව්‍යාපාරිකයකුට වැඩි මිලට අලෙවි කළ බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය කියයි.

මහඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා දුන් පොහොර මිටි 322 ක් අතරින් පොහොර මිටි 115 ක් ගොවි සංවිධානවල නිලධාරින් පිරිසක් ගොවින් නොදී ව්‍යාපාරිකයකුට අලෙවි කර ඇතැයි පොලිසිය පවසයි.

මේ වනවිට සිද්ධියට අදාළ පුද්ගලයන් හතර දෙනෙකු අත් අඩංගවට ගෙන ඇති අතර මහඔය සහකාර පොලිස් අධිකාරි මීඇල්ලගේ මහතාගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතාගේ මෙහෙයෙවීමෙන් මේ පිළිබද ඉදිරි විමර්ශන සිදු කෙරේ.