
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු සමරති.
ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම මහසිකුරාදා සිහිපත් කරයි. උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරයි එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය යෙදී ඇත අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක් වෙති.
මහ සිකුරාදා දිනයේ සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහබාගි වන බැතිමතුන්ගේ ආරක්සාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

