
(සුජිත් හේවාජුලිගේ)
අධික වර්ෂාපතනය  හේතුවෙන්   කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ,
රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක්ද මෙසේ වාන් දමන බව වාර්තාවේ.
වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

																	
																	
																	
																	
																	
																	