මහ බැංකුවෙන් මුදල් මිටිය අතුරුදන්වීම: පරීක්ෂණ වාර්තාව සීඅයිඩියට




(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ  තිබී මීට වසර දෙකහමාරකට පෙර අතුරුදන් වූ රුපියල් ලක්ෂ පනහක මුදල් නෝට්ටු මිටිය සම්බන්ධයෙන්  එම බැංකුව පැවැත්වූ පරීක්‍ෂණයේ වාර්තාව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත්දා  බාරදී ඇත.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ   විමර්ශන කණ්ඩායම  පැවැත්වූ පරීක්ෂණ  කටයුතු  අවසන් කර ඇතැයි  වාර්තාවේ.

ශ්‍රී ලංකා මහා බැංකුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියටද පැමිණිල්ලක් කර ඇත.

මුදල් මිටිය  අතුරුදන්ව තිබුණේ 2023 අප්‍රේල් මස 11 වැනිදාය.