
(යොහාන් භාසුර)
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා - රට වැට්ටුවා - පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





