(යොහාන් භාසුර)
ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ තීරණය කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියකින් එම නිවස කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර මහතාට උපදෙස් දී තිබේ.

