මව්බිම රණින් සැරසූ විරුවන්ට ඇතෙක් බරට තෑගි


(යොහාන් භාසුර)

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එදිරිසූරිය මහතා පවසයි.

මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක පිරිනැමීමට ද තීරණය කර ඇතැයි කී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර ඇතැයි සඳහන් කළේය කළේය.