(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දැක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත.
තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින් ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
30 හැවිරි මෙම තරුණයා උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශ ගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද පොලිසිය කියයි.
මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දේ බව ද පොලිසිය සඳහන් කරයි.

