මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක් ස්කොට්ලන්තයේ




2015 වසරේ සිට මේ දක්වා මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක්  ස්කොට්ලන්තයේ දී උපත ලබා ඇති බව සෞඛ්‍ය අංශය අනාවරණය කරයි.


ගර්භණී සමයේදී  මව දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම ඇගේ නූපන් දරුවාට ද මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙක් ලෙස උපත ලැබීමට හේතු විය.  


මෙසේ උපදින දරුවෝ රෝග ලක්ෂණ ගණනාවකින් පීඩා විදින අතර ඔවුන් අනෙක් දරුවන්ට වඩා විශේෂිත හැසිරීම් පෙන්නුම් කරති. 


වෙව්ලීම, අසමබරතාව, අධි ක්‍රියාකාරිත්වය, සහ උස් හඩින් හැඩීම වැනි ලක්ෂණ මෙම දරුවන් තුළ දක්නට ඇත.


මෙසේ මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වාර්තාගත ළදරුවන් ගණන 2015- 2016 දක්වා ළඳරුවන් 203 ද , 2016 -2017 දක්වා  ළඳරුවන්  190ද, 2017-2018 දක්වා ළඳරුවන්  191 ද වේ.  


සාමාන්‍යයෙන් දිනපතා ස්කොට්ලන්තයේ උපදින  දරුවන්ට මව්කුස තුළදී  හානිකර ද්‍රව්‍යන්ට ඇබ්බැහිවීමේ ඉහළ අවධානමක් පවතින බව  සෞඛ්‍ය ප්‍රකාශක  ඇලෙක්ස් කෝල් හැමිල්ටන් පැවසුවේය.   

 
ගැටලුව මඟහැරිය නොහැකි බව ඔහු පැවසුවේය.  


මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වැළැක්වීමට සහ ඖෂධ වෙනුවෙන් ස්කොට්ලන්ත රජය 2008 සිට පවුම් මිලියන 746 ක්  මුදලක්  වැය කර ඇත. 

(63226 )
 බීබීසී ඇසුරෙනි