(පියදාස සමරවීර)
වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වැලිඔය පොලිස්ථානාධිපතිවරයා පෞද්ගලිකව පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා නියෝග කළේය.
මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
තවද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ පරීක්‍ෂණයක් සිදුකොට වාර්තාවක් කැඳවීමට ද පරිවාස නිලධාරවරයාට ද මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා වැඩිදුරටත් නියෝග කළේය.
වැලිඔය හැලඹවැව ගමේ සැකකරුවකුට ඇප වී සිටී සැකකරුගේ බිරිද වරෙන්තු නිකුත් කිරීම නිසා අත්අඩංගුවට ගොස් සැකකාරිය නොසිටි නිසා මෙසේ 08 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවා පමණක් අත්අඩංගුවට ගැනීම නිසා පොලිසිය දරුවාගේ අයිතිවාසිකම් කඩකර ඇති බවත් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවත් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සමස්ත නීතිය මණ්ඩලයම අධිකරණයේ දී වැඩිදුරටත් කියා සිටියහ.