මලින් පීරීගිය නුවරඑළිය වසන්තය


(ලක්ෂිත ද සිල්වා නුවරඑළිය)

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.

නුවරඑළිය මල් වැවීමට ඇල්මක් ඇති පිරිස් මල් තරඟයට හා විවිධ අලංකාරවත් මල් නිර්මාණයන් කිරීමට ඉදිරිපත් වේ.

එලෙසම මේ සඳහා තමන්ගේ ගෙවතු මල් වගාවන් සඳහාද ඇගයීමක් හා තරඟ ඉසව් සංවිධානය කර මල් වගාකරුවන් දිරිගැන්වීමක් හා අගයකිරිමක් මෙමගින් සිදු කිරිම සංවිධාන මණ්ඩලය සිදු කරයි.

මෙහිදී නුවරඑළිය නගරයේ ඇති සංචාරක හෝටල් ද මෙම තරඟ සඳහා තම ගෙවතු මල් වගාවන් හා මල් නිර්මාණයන් ඉදිරිපත් කිරිමට ඇල්මක් දක්වන අතර, සංචාරක හෝටල් අතර ද උද්යෝගිමත් තරඟයක් මෙම ඉසව්වේදී දැකගැනීමට තිබේ.

“2025 වසන්ත මල් දැක්ම”  දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ්.ඩී.ටී.ඒන්.තෙන්නකෝන් මහත්මිය ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ත්‍යාග ප්‍රධානෝත්සවය 2025-04-19 වැනිදා

ජයගත් තරඟකරුවන්ට ත්‍යාය ප්‍රධානය ප්‍රාදේශිය ලේකම් ඩී.ඒ්.පී.ධනසුරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ෙ

නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්.බණ්ඩාර මහතා ප්‍රමුඛ මහා නගර සභාව විසින් මෙය සංවිධානය කළේය.