(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රකාශ කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය සැකසීමේදී කැපකිරීම් කිරීමට කැමති අය වෙතොත් කියන්නැයි අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මලික් සමරවික්‍රම මහතා ඉහත ප්‍රකාශය කළ බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.