මරදාන පොලිසිය ඉදිරිපිට තාප්පයෙත් විරෝධතා පළකරලා


(ඉන්දිකා රාමනායක)

මරදාන පොලිසියේ   ඉදිරිපත් තාප්පයේ  කිසියම් පිරිසක් විසින් තීන්ත උපයෝගි කරගෙන  ජනාධිපතිවරයාට හා ගාලුමුවදොර  සිද්ධිය  ට සම්බන්ධ  පිරිස  අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින්   විවිධ  වැකි ලියා  තිබෙනු  අද  ( 19) දක්නට ලැබිණි.

ගෝඨා පන්නමු,   මහින්ද,  දේශබන්දු, කමල් වහාම අත්අඩංගුවට ගනු,  ආදි   වැකි  භාෂා තුනෙන්ම ලියා තිබෙනු දක්නට ලැබිණි.
මෙම වැකි ඊයේ අලුයම හෝ ඊයේ   (18) රාත්‍රියේ  කිසියම්   පිරිසක් හෝ පුද්ගලයකු විසින්   රතු පාට හා ක`ථපාට  තීන්ත උපයෝගි කරගෙන  ලියා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මරදාන  බොරැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා  පිහිටා ඇති  මරදාන පොලිසිය  අසල  බස් නැවතුමක් පිහිටා  ඇති හෙයින්  එම ස්ථානයේ  නිතර   මගීන් බවත්,  එවන් අවස්ථාවක  පොලිස් තාප්පයේ මේ ආකාරයේ විරෝධතා වැකි ලිවීම සම්බන්ධයෙන්  අවට පිරිස් විශ්මය පලකරයි.

 අද  පස්වරුව වන විටත් මෙම  වැකි මකා දැමීමට පියවර ගෙන  නොමැත.